අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරඟාවලිය- ශ්‍රී ලංකාවට ජයක්

    මැයි 16, 2021

    ජාතික සංචිතය හා යුද්ධ හමුදා මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරනු ලබන, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් ලාන්ස් කෝප්‍රල් යුපුන් අබේකෝන් පසුගියදා ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වී මීටර් 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය.

     

    ඔහු විසින් දක්වන ලද දක්ෂතාවය තත්: 10.16 ක් වන අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව දකුණු ආසියානු තරඟ වාර්තාවක් වේ. එමෙන්ම, 2021 මැයි මස 13 වන දින ඉතාලියේ සැවෝනා හි පැවති මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වී තත්: 10:15 ක දක්ෂතාවයක් දක්වා එයින්ද ප්‍රථම ස්ථානය ලබා ගෙන නැවත නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු මේ වන විට දිවයිනෙන් බැහරව ඉතාලියේ මලල ක්‍රීඩා විශේෂ පුහුණුවීම කටයුතු සිදු කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya