අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසැල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගයයි  

    අප්‍රේල් 22, 2021

    මෙරට පාසැල් ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සම්මාන උළෙල වන ඔබ්සවර් - ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් වසරේ පාසැල් ක්‍රීඩකයා සම්මාන උ‍ළෙල (19) සවස අති උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    42 වෙනි වරට පැවැත්වුණු මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරිය මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙසින් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහභාගී විය.

    එහිදී වසරේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන හා වසරේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවීෂා දිල්හාරි සම්මාන හිමිකර ගන්නා ලදි.

    වසරේ හොඳම පාසැල් ක්‍රිකට් කණ්ඩායම ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සම්මාන හිමිකරගත් අතර එහි කාන්තා ශූරතාවය රත්ගම දේවපතිරාජ විද්‍යාලය හිමිකර ගන්නා ලදි. මෙහි ජනප්‍රියම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ අනූද ජයවීර සම්මාන හිමිකරගත් අතර එහි කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මාරපොල මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්.පී.නිමේෂා විජේසුන්දර සම්මාන ලැබීය.

    කාණ්ඩ කිහිපයක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමූ අතර මෙම සම්මාන උළෙල 1979 දී ආරම්භ කෙරිණි.

    කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 2019-2020 තරග වාරයේ පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමිනි. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර ලේක් හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ පී. දයාරත්න, ටෙලිකොම් ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya