අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර හැටක්

    අගෝස්තු 21, 2014

    තාවකාලික සටන් විරාමය බිඳ වැටුණු පසු ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගුවන් ප්‍රහාර හැටක් එල්ල කරන ලද බව විදෙස් වාර්තා පවසයි.

    මීට පෙර පලස්තීනය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාර අසූවකට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරයන් සිදු කළ බව ඊශ්‍රායලය පවසයි.


    ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වන Mohammed Deifගේ බිරිඳ හා කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

     

    මේ වසරේ ජූලි 08 වෙනිදා සිට මේ වන විට ළමුන් 550ක් ඇතුළු පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් ඊශ්‍රායල්-පලස්තීන සටන්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 10000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

    ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත්තේ 17000කට වැඩි නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාවකට හානි සිදු වී ඇති බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya