මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා වෛරසයෙන් 1,350කට අධික සංඛ්‍යාවක් මිය යති - WHO

    අගෝස්තු 21, 2014

    බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසයෙන් 1,350 දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    නවතම දත්තවලට අනුව ලයිබීරියාවේ ඉබෝලා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන බව දක්නට ඇති අතර ඉබෝලා ආසාදිතයින් 576ක් පමණ මේ වන මිය ගොස් ඇතැයි ගණනය කර ඇත.

     

    ඉබෝලා වෛරසය පැතිරී ඇති බටහිර අප්‍රිකා රටවල් ඉන්ධන, ආහාර හා ජනතාවට සැපයිය යුතු අනෙකුත් මූලික අවශ්‍යතා හිඟයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත.

     

    මෙම හිඟතාවට මූලික වී ඇත්තේ බහුතරයක් ගුවන් සමාගම්, නැව් සේවා සමාගම් ආසාදනය පැතිර පවතින ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියොන් වැනි රටවල ගමන් වාර අත්හිටුවීමත් සමඟය.


    ලයිබීරියා ජනපති විසින් ඉබෝලා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා 50,000ක් පමණ ජනතාව වෙසෙන මුඩුක්කු නිවාස නිරෝධායනය කිරීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.
     

    පසුගියදා ස්මැප් නමැති පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධය ලයිබීරියානු ඉබෝලා ආසාදිත සෞඛ්‍ය සේවකයන් තිදෙනෙකු වෙත ලබා දී ඇති අතර ඉන් සුවය ලැබීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නිලධාරීන් පවසා ඇත. නමුත් එය තවමත් නිශ්චිතව පැවසිය නොහැකි බව තවදුරටත් ඔවුන් වාර්තා කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya