නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ කිසිදු ආරවුලක් නෑ - සුබ්‍රමනියම් ස්වාමි

    අගෝස්තු 21, 2014

    ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ කිසිදු ආරවුලක් නැති බවත් ඉදිරියට තම අසල්වැසි දිවයින සමඟ පවතින සබඳතාව වර්ධනය කරගැනීමට කටයුතු කරන බවත් හිටපු කැබිනට් ඇමති හා භාරතීය ජකතා පක්ෂයේ යුධෝපාය සම්බන්ධ කමිටුවේ සභාපති සුබ්‍රමනියම් ස්වාමි මහතා ඊයේ (20) පවසා ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.



    ශ්‍රී ලංකාවේ ආරක්ෂක සම්මන්ත්‍රණය අමතමින් ස්වාමි මහතා පවසා ඇත්තේ මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය යටතේ විදේශීය ප්‍රතිපත්තිය ජාතීත්වය සම්බන්ධව තැනුනු එකක් මිස කලාපයේ සබඳතා පිළිබඳ පටු අදහසින් තැනුනු එකක් නොවන බවයි.
     

    ඉන්දු-ශ්‍රී ලංකා බොහෝ ගැටලුවලට මුල් වී ඇත්තේ තමිල්නාඩු දේශපාලන මත විවාද නිසා බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

     

    ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාමාන්‍ය සබඳතාවක් මේ වන විට පවතින අතර එය ඉදිරියේදී වැඩිදුරටත් වර්ධනය වන බවත් රජය වෙනස් වීමත් සමඟ බාහිර පාර්ශව සමඟ ඒකාබද්ධ හවුල්කරුවන්ගේ පීඩනයකින් තොරව නව දිල්ලිය ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැහැදිලි කර ඇත.


    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව දරන ස්ථාවරයට පෙරට වඩා ඉන්දියාව වැඩි සහයක් දක්වන බව ස්වාමි මහතා අවධාරණය කරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya