අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සිවු වැනි දිනය වන අද - නව තරඟ වාර්තා 08ක්

    නොවැම්බර් 02, 2019

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සිවු වැනි දිනය වන අද (02)දිනයේදී,නව තරඟ වාර්තා 08ක් බිහි කිරීමට ක්‍රිඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර ඒ අනුව සමස්ත තරඟ වාර්තා 36 ක් බිහි වී තිබේ. 35 වැනි වරටත් පවත්වන මෙවර සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර තරඟාවලිය තරඟ ඉසව් 114 කින් සමන්විතය.

     පළමු දිනයේම තරඟ වාර්තා 04ක්, දෙවැනි දිනයේ තරඟ වාර්තා 11ක් සහ ඊයේ දිනයේදී තවත් තරඟ වාර්තා 13 ක් බිහි වූ අතර තරඟාවලියේ සිවු වැනි දිනය වන අද දිනය වන විට තරඟ වාර්තා 08ක් බිහි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසීය.

     තරගාවලියේ ප්‍රථම දිනයේදී (30) බාලක වයස අවුරුදු 20න් පහළ රිටි පැනීමේ ඉසව්වෙන් චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඒ .පුවිතරන් නව තරග වාර්තාවක් මීටර 4.82ක් තරණය කිරීමෙන් බිහිකිරීමට සමත්විය. 18න් පහළ හෙල්ල විසිකිරීමේ බාලක ඉසව්වෙන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රිමේෂ් තරංග නව තරග වාර්තාවක් බිහි කළේ මීටර 66.63ක් සටහන් කරමිනි. මිට අමතරව 16න් පහළ බලක මීටර 400 අවසන් පුර්ව තරගයේදී කුරුණෑගල ශාන්ත ජෝන් විදුහලේ එච්. ආර්. ජයසුන්දර තත්පර 48.73ක් සටහන් කරමින් එම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකළ අතර ප්‍රථම දිනයේ වාර්තාවූ අනෙක් තරග වාර්තාව බිහිකළේ සෙවන්ඩේ ඇඩ්වෙන්චර් උසස් පාසලේ මිශාක් මිරොෂ් ය. එම වාර්තාව සටහන් වුයේ බාලක වයස 16න් පහළ උස පැනීමේ ඉසව්වෙනි.‍

    දෙවන දිනය(31)යේදී බාලිකා තරඟ ඉසව් වලින් නව වාර්තා 07ක් බිහි කිරීමට බාලිකාවෝ සමත් විය

     

    වයස අවුරුදු 12න් පහළ මීටර් 100 බාලිකා ඉසව්ව තත්පර 13.59කින් නිමා කරමින් එම ඉසව්වේ නව තරඟ වාර්තාවක් බිහිකිරීමට තණමල්විල් විජයපුර කණිෂ්ඨ විදුහලේ රවිඳි වෙනුරිකා , වයස 16න් පහළ මීටර් 400 බාලිකා ඉසව්වෙන් වලල ඒ.රත්නායක විදුහලේ ඩී.එම්.ටී.ඩී කරුණාරත්න (තත්පර 56.54), වයස අවුරුදු 12න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නේත්‍රා සමාධි සහ වයස අවු 20න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්වෙන් චාවා හින්දු විද්‍යාලයේ එන්.දද්සිතා (මීටර් 3.35) , හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් වලල ඒ.රත්නායක විදුහලේ ඩී.එම්.අයි හසන්ති (මීටර් 47.77) , යගුලිය විසි කිරීම කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සචිනි සමරසේකර (මීටර් 10.34) සහ දුර පැනීමේ වයස අවු 14න් පහළ නව තරඟ වාර්තාවක් බිහි කිරීමට හම්බන්තොට වීරියගම මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මි නිවර්තනා සමත් විය.

    බාලක මීටර් 1500 , මිනිත්තු 4.01.05කින් නිම කිරීමට නුවර ධර්මරාජ විදුහලේ ඩබ්.එම්.පී.එම්.ඩී විජේරත්න සිසුවා ද මීටර් 400 පිරිමි තරඟ ඉසව්ව වෑකන්ද මධ්‍ය මහා විදුහලේ යූ.බී.එම්.ආර්.ඩී බණ්ඩාර සමත් විය. යගුලිය විසි කිරීමෙන් හාට්ලි විද්‍යාලයේ එස්.මිතුන්රාජ් මීටර් 15.95ක දුරක් වාර්තා කරමින් නව තරඟ වාර්තාවක් බිහි කළේය.

     

    දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන තරඟයේ සමාප්ති උළෙල හෙට(03) සවස සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya