අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රීඩාව නංවන්නට මෑතකාලීනව විශාල වැඩකොටසක් කරන්නට අපට හැකිවුණා -අධ්‍යාපන අමාත්‍ය

    ඔක්තෝබර් 31, 2019

    පාසල් ක්‍රීඩාව නංවන්නට මෑතකාලීන ව විශාල වැඩකොටසක් ඉටු කළ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (30) සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භක උත්සව අවස්ථාවේ දී ය.

    ඉතිහාසයේ පළමුවරට පාසල් පද්ධතිය වෙත එකවර ක්‍රීඩා පුහුණුකරුවන් හාරදහසකට ආසන්න පිරිසක් බඳවාගැනීමට කටයුතු කිරීම, නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී දරු පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිකරලීමේ අරමුණින් සෑම පාසල් දරුවකු ම කවර හෝ ක්‍රීඩාවක නිරත වීම අනිවාර්ය කිරීම, පළමුවරට පාසල් පද්ධතිය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩසටහනක් හඳුන්වා දීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඒ අතර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොතකාහරිමින්, රටේ සෑම දරුවෙකුගේ ම වසර 13ක අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දී ඇති නිසා ක්‍රීඩා ක්ෂේත්‍රයට වැඩි නැඹුරුතාවක් දක්වන කිසියම් දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජයගැනීම අපහසු වුවත්, අනාගතය අඳුරු වීමට කිසිදු ඉඩක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ක්‍රීඩා ක්ෂේත්‍රයේ තම දක්ෂතා ද සහිත ව උපාධි අධ්‍යාපනය තෙක් ළඟාවීමට එවැනි දරුවන්ට ඉඩ සලසා ඇති බව ද සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරට සංවිධානය කරන ලද මෙම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග (30) සිට ඔක්තෝබර් 31 සහ නොවැම්බර් මස 1,2, සහ 3 වැනි දා තෙක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මෙම තරගාවලියේ සමාප්ති උත්සවය නොවැම්බර් 03 වැනි දින ප.ව. 2.30ට සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට නියමිත ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya