අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති පිල පරදා ‍යොවුන් පිල ජය ගනී

    අගෝස්තු 04, 2014
    ජාතික සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ ජාතික තරුණ සේවා සභාවේ උතුර - දකුණ ඒකාබද්ධ, තරුණ නායකයන්ගේ කණ්ඩායම අතර පසුගිය සෙනසුරාදා අනුරාධපුර බන්ධනාගාර කී‍්‍රඩා පිටියේ දී පැවති සැහැල්ලු පන්දු, සීමිත ඕවර් ක‍්‍රිකට් තරගය කඩුළු තුනකින් ජය ගැනීමට තරුණ නායකයන්ගේ කණ්ඩායම සමත් වූහ.
     
    පන්දු  වාර දොළහකට (12) සීමා වූ මෙම තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ කණ්ඩායම සිය පන්දු  වාර දොළහ (12) අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 104 ක් ලබා ගත් අතර එයට පිළිතුරු වශයෙන් තරුණ නායකයන්ගේ කණ්ඩායම පන්දු  වාර 10.1 ක් තුළ කඩුළු හතක් (7) ක් දැවී ලකුණු 105ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කළහ.
     
    කාසියේ වාසිය දිනූ තරුණ නායකයන්ගේ කණ්ඩායමේ නායක ජයරංග ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ කණ්ඩායමට ආරාධනා කළේය. 
     
    ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ කණ්ඩායම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ශෙහාන් සේමසිංහ, එරික් ප‍්‍රසන්න වීරවර්ධන, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වූ අතර තරුණ නායකයන්ගේ කණ්ඩායම, යාපනය සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කයන්හි යෞවන සමාජ සාමාජිකයන්ගෙන් සමන්විත විය.
     
    DB
     
    FRIEND SHIP CRICKET MATCH 11
     
     
    FRIEND SHIP CRICKET MATCH 2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya