අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඔන්තොම්බර් 30,31

    ඔක්තෝබර් 28, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 35 වන වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය 2019 ඔක්තෝබර් මස 30 වැනිදා පෙ.ව. 09.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග, 2019 ඔක්තෝබර් මස 30, 31 සහ නොවැම්බර් මස 1, 2, 3 දිනයන් හි පැවැත්වෙන අතර මෙහි සමාප්ති උත්සවය 2019 නොවැම්බර් මස 03 වන දින ප.ව. 2.30 ට සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා  රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් සඳහන් කළේ, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගී වන බවයි. වයස් කාණ්ඩ 12,14,18,20 යන වයස් කාණ්ඩ 04 යටතේ තරඟ පැවැත් වේ.

    ආසියාතික , දකුණු ආසියාතික,  කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගවල දක්‍ෂතා දැක්වු සියඵ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ද මෙම උළෙලට සහභාගී වන බව  ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya