අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල- කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම උතුරු පළාතට

    ඔක්තෝබර් 26, 2019

    බදුල්ල, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඊයේ(25) පැවති කාන්තා රිටි පැනීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට උතුරු පළාත නියෝජනය කළ ජෙගදීෂ්වරන් අනීතා සමත් වූ අතර, ඇය මී. 3.30ක දක්‍ෂතාවක් දැක්වීමට සමත් වූවාය.

    රිදී හා ලෝකඩ පදක්කම් බස්නාහිර පළාතේ ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ.‍ජෙගදීෂ්වරන් අනීතා පසුගිය 2017 වසරේදී ද මීටර 3.55ක දක්‍ෂතාවක් දක්වමින් රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා ඇත.

     මිටිය විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දකුණු පළාතේ එම්.ඩී.ආර්. සිසිර කුමාර සමත් විය. ඔහු මීටර 47.67ක දක්‍ෂතාවක් දක්වමින් සිය පදක්කමට ලගාවිය. මීටර 45.74ක දක්‍ෂතාවක් දැක්වූ සබරගමුව පළාතේ කේ.කේ.ඩී.එම්. ධර්මසේන මෙහි රිදී පදක්කම දිනාගත් අතර, ලෝඩක පදක්කම දිනාගැනීමට වයඹ පළාත නියෝජනය කළ ඩබ්.ජී.එස්.ආර්. කුමාරසිරි සමත් විය. ඔහු මීටර 44.95ක දක්‍ෂතාවක් දැක්වීය.

     මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව 2014 සහ 2015 වසරවලදී දිනා ගන්නේදෙ වයඹ පළාතේ චරිත් කපුකොටුව යි

    යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්‍ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය. මෙහි රිදී පදක්කම දකුණු පළාතේ පී.ඒ. ප්‍රියංගිකා කුමාරි විසින් දිනාගත් අතර, ඇය මීටර 12.08ක දක්‍ෂතාවක් දැක්වූවාය. ඌව පළාත නියෝජනය කළ පී.පී.එස්. ක්ලෙරන්ස් මෙහි ලෝඩක පදක්කම දිනාගත් අතර, ඇය 11.37ක දක්‍ෂතාවක් දැක්වීය.

    මෙම ඉසව්වේ ශ්‍රී ලංකාව වාර්තාව මෙන්ම ක්‍රීඩා උළෙල වාර්තාව වන 2016 වසරේදී බඩ්.ටී.කේ. ප්‍රනාන්දු දක්වා තිබූ මී. 15.25ක දක්‍ෂතාව දැක්වීමට හෝ ඒ ආසන්නයට ලගාවීමට කිසිවෙකුට හෝ නොහැකි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya