මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනගත ව්‍යාඝ්‍රයන් 3200කට සීමා වෙලා

    අගෝස්තු 02, 2014

    සියවසකට පෙර 100,000 පමණ වනාන්තරවල නිදැල්ලේ හැසිරුණු ව්‍යාඝ්‍රයන් මේ වන විට 3200 කට පමණ අඩු වී ඇති බව World Wide Fund (WWF) හෙළි කරයි.


    ඉන්දු ආසියා ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි ව්‍යාඝ්‍රයන් සංරක්ෂණය කිරීමේ වෑයමක් ලෙස 2020 වනවිට ව්‍යාඝ්‍ර ගහණය දෙගුණ කිරීම සඳහා සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ව්‍යාඝ්‍රයන් පැතිර සිටින ඉන්දියාව, බංග්ලාදේශ්, භූතානය, චීනය, කාම්බෝජය, ඉන්දුනීසියා, ලාඕසය, මැලේසියා, මියන්මාර්, නේපාලය, රුසියාව, තායිලන්තය, වියට්නාමය යන රටවල් 13කට 2010 වසරේදී WWF විසින් ආධාර ලබා දී ඇත.

     

    මෙලෙස ව්‍යාඝ්‍ර ගහණය වඳ වීමට හේතු වී ඇත්තේ ව්‍යාඝ්‍රයන් හොරෙන් දඩයම් කිරීම හා ව්‍යාඝ්‍රයන්ගේ වාසස්ථාන අහිමිවීම බව WWF විසින් ජාත්‍යන්තර ව්‍යාඝ්‍ර දිනයේදී (ජූලි 29) අනතුරු අඟවා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

     

    ව්‍යාඝ්‍රයන්ගේ ශරීර කොටස් සාම්ප්‍රදායික ඖෂධ සඳහා භාවිතය, ගැමි ප්‍රතිකාර සඳහා භාවිතය, සමහර සංස්කෘතීන් රාජ්‍ය සංකේතයක් මෙම කොටස් භාවිතය නිසා ව්‍යාඝ්‍රයන් හොරෙන් දඩයම් කිරීම වනගත ව්‍යාඝ්‍රයන්ගේ ජීවිතවලට එල්ල වී ඇති විශාල තර්ජනයකි.

     

    2000 ජනවාරි සිට 2014 අප්‍රේල් දක්වා කාලසීමාවේදී අදාළ අධිකාරීන් විසින් ආසියාවේදී සාම්ප්‍රදායික බෙහෙත් සඳහා දඩයම් කරන ලද ව්‍යාඝ්‍රයන් 1,590කගේ ශරීර කොටස් අත්අඩංගුවට ගෙන ඇති බව Wildlife Trade Monitoring Network Traffic ආයතනයේ දත්තවලින් ‍හෙළි වී ඇත.

     

    මෙම වාර්තාවට අනුව ඉන්දියාව, නේපාලය, රුසියාව රටවල ව්‍යාඝ්‍ර ගහණ සංඛ්‍යාව දත්ත ඇතුළත් වුවද චීනය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාර්, තායිලන්තය යන රටවල සංඛ්‍යා දත්ත WWF විසින් ඇතුළත් කරනු ලැබ නැත.

     

    එකී රටවලද විවිධ ව්‍යාඝ්‍ර උප විශේෂ සංරක්ෂණය සඳහා වනගත ව්‍යාඝ්‍රයන්ගේ ගණනය කිරීම් සිදු කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටී.

     

    Special Reporter

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya