අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන දෙසැම්බර් මස 01 වනදා සිට නේපාලයේ දී

    අගෝස්තු 07, 2019

    මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන දෙසැම්බර් මස 01 වනදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන අතර අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ ඉසව් 27ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 605 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

    රන් පදක්කම් 35ක් , රිදී පදක්කම් 75ක් ඇතුළුව අවම වශයෙන් පදක්කම් 200ක් පමණ ලබා ගැනීම මෙවර අපේක්ෂා කරන බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධම්මික මුතුගල මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා(05) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

     

    දකුණු ආසියානු තරඟාවලියේ ක්‍රීඩා කටයුතු මෙහෙයවීම සහ සම්බන්ධීකරණය සඳහා ක්‍රීඩා විද්‍යා ආයතනය තුල යුද හමුදාවේද දායකත්වය ඇතිව සම්බන්ධීකරණ කාර්යාලයක්ද පිහිටුවා ඇත. තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1076 දෙනෙකු සංචිත ගත කර ඇති අතර අගෝස්තු මස අවසානයේදී ඔවුන් 800 ද, ඔක්තොම්බර් මාසය වන විට ඉන් 605 දෙනෙකු ද තෝරා ගනු ලැබේ. මල්ලවපොර,බොක්සිං,ටයිකෝන්ඩෝ වැනි ඇතැම් ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවේ ඉඩ ප්‍රස්ථා මෙවර අඩු කර ඇති අතර උළෙලේ සංවිධායකයින් සමග මේ පිලිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    තරඟ ඉසව් 27 සඳහාම සංචිත පිහිටුවා පුහුණුවී‍ම් කටයුතු කරගෙන යන බවත් එම සංචිත පනාගොඩ, වැලිසර ආදී විවිධ ප්‍ර දේශවල ස්ථානගත කර ඇති අතර යුධ හමුදාවේ පූර්ණ දායකත්වය මේ සඳහා ලැබේ. එම සංචිත 27සඳහා පුහුණු උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීමද ක්‍රීඩා අමාත්‍යවරයා අතින් පසුගියදා සිදු කෙරුණි. මෙම ක්‍රීඩකයන් සඳහා අවශ්‍ය සියළු අවශ්‍යතා සපයා ඇති බවත් උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් සියල්ල සපයන බවත් එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කරන බවත් ඒ මහතා කීය. මුළු තරඟාවලිය සඳහාම මිලියන 334පමණ මුදලක් වැය වන අතර අනුග්‍රාහකයන්ගෙන්ද ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya