අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුවත් කරයි

    අගෝස්තු 02, 2019

    ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුවත් කරයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ත් මනෝහර් මහතා සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් නවදිල්ලියේදී ඊයේ (01)සිදුවිය.

    ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ පිළිබඳව අයි සී සී සභාපතිවරයා සමග ක්‍රිඩා අමාත්‍යවරයා එහිදී සාකච්ඡා කළ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනටය අදාළ කරුණු පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සල සභාපතිවරයා දැනුවත් කිරිමද මෙහිදි සිදුවිය.

    සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර හෙට (03) කුවේට් හි දි ආරම්භ වන ආසියානු පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රි ලංකාවෙන්ද ක්‍රිඩකයන් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ.

    මෙරට පාසල් ක්‍රිඩකයින්ට සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනිමට තරගාවලිය ඉවහල් වන බව ශ්‍රි ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා පවසයි. ආසියාතික රටවල් 22 ක් නියෝජනය කරමින් පාසල් බොක්සිං ක්‍රිඩකයෝ 160 ක් මෙම ආසියානු පාසල් බොක්සිං තරගාවලියට සහභාගි වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya