අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය උපයෝගී කරගත් ක්‍රිකට් තරඟාවලියක්

    ජූලි 10, 2019

    ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික ක්‍රීඩා කෞතුකාගාරය, ඉන්දියාවේ iB HUBS ආයතනය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහයෝගයෙන් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය උපයෝගී කරගත් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    අනෙකුත් වීඩීයෝ ක්‍රීඩා මෙන් නොව යන්ත්‍ර තාක්ෂණය සහ ක්‍රීඩා පිත්ත උපයෝගී කරගෙන ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත ක්‍රීඩා කිරීම මෙම තාක්ෂණික ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති විශේෂත්වයයි. ඉන්දියාව, ඩුබායි, එංගලන්තය වැනි රටවල ක්‍රීඩා කරන මෙවැනි නව තාක්ෂණික ක්‍රිකට් තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී පවත්වන්නේ පළමු වරටයි.

    දිවයිනේ ඕනෑම පාසලක වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර පිතිකරුවන් තිදෙනෙකුගෙන් සහ අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී කල හැකිය.

    2019 ජූලි මස 14 වන දින පෙරවරුවේ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි අභාවප්‍රාප්ත එෆ්.ආර්.සේනානායක මහතාගේ පාරම්පරික නිවසේ ඉදිකල ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ පළමු මහලේ ඇති ක්‍රීඩා සිනමාගාරයේ මෙම ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතය.

    අවසන් මහා තරඟය ජුලි 17 වන බදාදා, ජනාධිපති ක්‍රිඩා සම්මාන උලෙලට සමගාමිව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මේ සඳහා සහභාගී වීමට කැමති පාසල් තම අයදුම්පත් විදුහල්පතිගේ නිර්දේශය සහිතව පහත ලිපිනයට යොමු කරන්න.
    සභාපති
    ජනාධිපති ක්‍රිඩා සම්මාන
    අංක 09, ෆිලිප් ගුණවර්ධන මාවත
    කොළඹ 07

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya