අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 10 ක තරඟාවලියක් සඳහා බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එයි

    ජූලි 10, 2019

    ලෝක කුසලාන ක්‍රිකට්තරඟාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලෙසින් යෙදී තිබෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

    එක්දින තරග 3 කින් සමන්විත එම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර දින 10 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙනු ඇත.

    මෙම තරගාවලියේ සියළුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සංචාරක කණ්ඩායම එම තරගාවලිය නිමවා බංග්ලාදේශ කණ්ඩායම ලබන අගෝස්තු මස 01 වැනිදා නැවතත් පිටත්ව යෑමට නියමිතව තිබේ.

    තරඟ කාල සටහන

    ජූලි 26 - පළවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

    ජූලි 28 - දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

    ජූලි 31 - තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

    අගෝස්තු 01 - බංග්ලාදේශ පිල පිටත්ව යෑම

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya