අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්

    ජූලි 15, 2014

    ස්කොට්ලන්තයේ, ග්ලාස්ගොව් (Glasgow) නුවරදී මෙම මස පැවැත්වීමට නියමිත 20 වැනි පොරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු සහභාගි වීමට නියමිතව ඇත.

     

     
    මෙතෙක් පැවති ජාතික හා ජාත්‍යන්තර තරගවලදී විශිෂ්ට දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාලියට සහභාගි වීමට නියමිතව  ඇති අතර ගුවන් හමුදා පාපැදි කණ්ඩායම් පුහුණුකරු ලෙස ගෲප් කැප්ටන් සුජීවන් සේනාරත්න ද මෙම තරගකරුවන් සමඟ තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතව ඇත.
     

    සහභාගිවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වනුයේ පයිලට් ඔෆිසර් රස්නායක - කාන්තා මීටර් 400, කෝප්‍රල් මංජුල කුමාර - උස පැනීම පිරිමි, නායක ගුවන් කාන්තා නිමාලි - කාන්තා මීටර් 800, නායක ගුවන්භට දිල්ෂාන් - බොක්සිං, නායක ගුවන්භට මධුෂාන්, නායක ගුවන්භට වර්ණකුලසුරිය - පාපැදි, නායක ගුවන්භට සිල්වා, නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි - කාන්තා පාපැදි, නායක ගුවන්  භට වික්‍රමගේ, නායක ගුවන්  භට ධර්මවර්ධන, නායක ගුවන් කාන්තා විජේවර්ධන  - ජූඩෝ, නායක ගුවන් කාන්තා කෞෂල්‍යා, සැරයන් පෙරේරා, නායක ගුවන් භට සිරිවර්ධන  - වෙඩිතැබීම, නායක ගුවන් කාන්තා දර්ශීකා  - මේස පන්දු, නායක ගුවන්  භට සමරසේකර බර ඉසිලීම, නායක ගුවන්  භට පිටර්ස්, නායක ගුවන්  භට පලගසිංහ, කොප්‍රල් ප්‍රනාන්දු -  මල්ලව පොර

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya