දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    සමාජ මාධ්‍ය ඔස්සේ ද මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ - මැතිවරණ කොමිසමේ සභාපති

    නොවැම්බර් 12, 2024

    මැතිවරණ ප්‍රචාරක නිහඩ කාලය තුළ  සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ ඔස්සේද මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බවත් ඒ  සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මැතිවරණ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

    මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කරන බව සඳහන් කළ ඒ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද, ඒ සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ක්‍රියාකාරකම්  සෘජුව පාලනය කළ කිරීම අපහසු බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය යම් මට්ටමකට පාලනය කළ හැකි බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ විදේශීය රටවලින් බවත්  පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya