මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වේච්ඡා බල සේනාවේ ක්‍රීඩා උත්සවය අද සිට

    ජූලි 15, 2014
    ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාවේ ක්‍රීඩා උත්සවය අද (15) සිට 17දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම ක්‍රීඩා උත්සවය සඳහා දිවයින පුරා විසිර සිටින ස්වේච්ඡා බල සේනාවේ ඒකක 103ක රණ විරුවන් 3000ක් පමණ සහභාගිවීමට නියමිතය.
     
    ස්වේච්ඡා බල සේනාවේ සිටින රණ විරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම හා දිවයින පුරා විසිර සිටින එකී රණ විරුවන්ගේ අනෝන්‍ය සම්බන්ධතාව හා සහෝදරත්වය තවදුරටත් වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
     
    ක්‍රීඩා උත්සවයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාධිපති මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    සමාප්ති උත්සවය හා ජයග්‍රාහකයිනට ත්‍යාග බෙදාදීම ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
     
    DB/  mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya