දෙසැම්බර් 06, 2021
tami eng youtube  twitter facebook

    ජනාධිපති කුසලාන ක්‍රිකට් තරගාවලියට අයදුම්පත් කැඳවයි

    ජූලි 14, 2014
    නැගෙනහිර පළාත් ජනාධිපති කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියට අයදුම් කැඳවා ඇති අතර අයදුම්පත් බාරගැනීම ජුලි 25න් අවසන් වේ.
     
    මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් කරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු තරුණ සේවා නිලධාරීවරයා හරහා ලබාගත හැකිය.
     
    මෙම තරගාවලියේ දී පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් සඳහා පිළිවෙළින් රුපියල් ලක්ෂ 03, රුපියල් ලක්ෂ 02 සහ රුපියල් ලක්ෂය බැගින් වු මුදල් ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. 
     
    ජාතික තරුණ සේවා සභාව, නිල් බලකාය සහ නැගෙනහිර සංවර්ධන පදනම එක්ව මෙම නැගෙනහිර පළාත් ජනාධිපති කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සංවිධානය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya