අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ භූ කම්පනයක් සමඟ සුලු සුනාමි තත්ත්වයක්

    ජූලි 12, 2014

    ජපානයේ උතුරුදිග වෙරළාසන්නයෙන් රික්ටර් මාපාංක 6.8ක ප්‍රබල භූකම්පනයක් අද ඇති වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.


    රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූකම්පනයක් ලෙස වාර්තා වූ එය ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් කි.මී. 10ක් ගැඹුරු මුහුදු පතුලේ සිදු වී තිබෙන බව පැවසේ.


    ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඉතා සුලු සුනාමි තත්ත්වයක් ඇති වී තිබේ. සෙ.මී. 20ක පමණ කුඩා සුනාමි රළ පහරක් ඉෂිනොමාකි, අයුකාවා සහ ඔෆුනාටෝ වෙරළාසන්න ප්‍රදේශවලට භූකම්පනයෙන් විනාඩි 50කට පමණ පසුව‍ ගලාගෙන විත් තිබේ. මෙම භූකම්පනය නිසා ෆුකුෂිමාහි වයස 68ක පමණ කාන්තාවක් පඩිපෙළකින් වැටීමෙන් පාදයක බිඳීයාමක් සිදුව ඇතැයි දැනට වාර්තා වේ.


    අද අලුයම 4.22ට පමණ එය සිදු ව ඇති අතර එහි සිට කි.මී. 250ක් දුරින් පිහිටි ටෝකියෝ නුවර ගොඩනැගිලිවලට පවා දැනී ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya