මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව සාර්ථකව අවසන්

    ජූලි 12, 2014

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ නායකත්වයෙන් 40කට අධික ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහ ඊශ්‍රායල් ව්‍යාපාරික සමූහය එක්ව ඊශ්‍රායලයේ පැවති ව්‍යාපාරික සමුළුව පසුගියදා සාර්ථකව නිමාවට පත්විය.


    මෙම සමුළුවේදි මූලිකවම අධි තාක්ෂණය (hi-tech), ජලය, බලශක්තිය, වෛද්‍ය, ඇඳුම්, රැකියා, කෘෂිකර්මය, හරිතාගාර වගාව, කිරි නිෂ්පාදන, ධීවර, මල් වගාව හා අපනයනය, දියමන්ති, මැණික්, ආභරණ, රබර් හා අධ්‍යාපනය යන මාතෘකා හා වෙනත් ව්‍යාපාරික කරුණු ඊශ්‍රායලයේ ව්‍යාපාරිකයන් හා ලාංකීය ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවට ලක් විය.


    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩල ව්‍යාපාරික ප්‍රමුඛයන් හා විවිධ ව්‍යාපාරික අංශ රැසක ව්‍යාපාරිකයන් මෙම සමුළුවේදී පැවැත්වුණු සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට එක් ව සිටියහ. මෙහිදී ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිස බෙත්ලෙහෙම, නාසරෙත් සහ ජෙරුසලෙම යන ආගමික හා සංස්කෘතික නගරවල ද සංචාරය කළහ.


    සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් ඊශ්‍රායල් වෙළඳ ව්‍යාපාරික පිරිසක් 2013 පොදුරද මඩුළු සමුළුවේ දී නියම කර ගත් පරිදි ඔක්තෝබර් මාසයේදී තවත් ව්‍යාපාරික සමුළුවක් ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.


    මෙම සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිස පිළිගැනීමේ උත්සවය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතාගේ නිල නිවසේදී පැවැත්විණ.


    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය, ඊශ්‍රායලයේ එල්.ආර්. සමූහය (L.R. Group) හා ශ්‍රී ලංකා-ආසියා වාණිජ මණ්ඩලය සහ (Sri Lanka-Asia Chamber of Commerce and the community on tourism), ඊශ්‍රායෙල්-ආසියා වාණිජ මණ්ඩලයන්ගේ සහය ඇතිව ව්‍යාපාරික සමුළුව සංවිධානය කර තිබුණි.


    මෙම සංචාරයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා හා ඊශ්‍රායලයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Tzahi Hanegbi මහතා හමුවී ශ්‍රී ලංකා-ඊශ්‍රායෙල් ව්‍යාපාරික සබඳතා වර්ධනය සඳහා ද්විපාර්ශවීය සාකච්ඡාවක්ද පවත්වා ඇත.


    SDF/HC

    Business Forum from Sri Lanka in Israel 1

    Business Forum from Sri Lanka in Israel 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya