සභාපතිවරයා මේ බව පැවසුවේ , අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ජංගම දුරකතන රැගෙන යාම, ඡායා රූප ගැනීම, විඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම , මත් ද්‍රව්‍ය හෝ මත් පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් බවද එවැනි අවස්ථා ඇති වුවහෝත් ඒ සඳහා ආරක්ෂක අංශ කටයුතු කරනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.