මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දීය නව රජයේ පළමු අය-වැයෙන් කෝටි 500ක්

    ජූලි 15, 2014
    ශ්‍රී ලංකාව සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජයේ පළමු අයවැයෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රුපියල් කෝටි 500ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,080ක මුදලක් වෙන් කිරීමට ඉන්දීය නව රජය තීරණය කර ඇත.
    සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට ද අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ රජය පියවර ගෙන තිබේ. සෙසු රටවල් සඳහා ක්‍රියාත්මක කරන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා වැඩපිළිවෙළ යටතේ එම මුදල් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.


    නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේ දී මේ බව අනාවරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

     

    දෙරටේ ආර්ථික සහයෝගිතාව මෙන්ම පසුගිය වසරේ දී මුදල් හා වාණිජ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡා පිළිබඳ ව මෙහිදී ද අවධානය යොමුකර තිබේ. වෙළෙඳ ආයෝජන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා - ඉන්දියා විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකර තිබෙන අතර ඊට අමතරව වත්මන් ආයෝජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    මේ අවස්ථාවේදී ඉන්දියාවේ සහය ඇති ව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තිබේ. උතුරු නැගෙනහිර ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිමාවට පත්කරමින් එහි දෙවැනි අදියරට පැමිණ තිබෙන බව ද දුම්රිය යටිතල පහසුකම් ව්‍යාපෘතිය නියමිත දිනට ප්‍රථම අවසන් කිරීමට හැකිවනු ඇති බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

     

    මේ අතර අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාම සඳහා වූ යෝජනා ක්‍රම කිහිපයක් යටතේ වාර්ෂිකව ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ සුෂ්මා ස්වරාජ් මහත්මිය විශේෂ අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya