දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    මැතිවරණ රාජකාරී පත්වීම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

    නොවැම්බර් 12, 2024

    මැතිවරණ රාජකාරී සදහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන්ට එම පත්වීම්  වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකියාවක් නොමැති  බවත්,  මැතිවරණ රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබියහැකි වරදක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

    සභාපතිවරයා මේ බව පැවසුවේ , අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එබැවින් මැතිවරණ රාජකාරී සදහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන් නියමිත දිනයේදී තමාට ලබා දී ඇති නියමිත ස්ථානයට රාජකාරි සඳහා වාර්තා කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya