දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    නොවැම්බර් 12, 2024

    2024 මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ  ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා  පැවසීය.  2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    මෙවර මහමැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් සෘජුව යොදවා ඇති අතර, තවත් පොලිස් නිලධාරින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා තිබේ. ඊට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසා අවශ්‍ය ස්ථාන සඳහා ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවත්, සිවිල් ආරක්ෂක නිලධාරින් 11,000කට වැඩි සංඛ්‍යාවක් ජංගම සංචාර සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව ආරක්ෂක නිලධාරින් 85,000කට ආසන්න පිරිසක් මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව සම්බන්ධවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මැතිවරණ දිනයේදී නිසි අවසර ලබා නොගෙන ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම වරදක් බවත්,  එවැනි ක්‍රියා සංවිධානය කරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන  හෝ ඡන්ද පොළ රාජකාරී කටයුතුවලට බාධා කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya