අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ශ‍්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට පූර්ණ සහය

    ජූලි 11, 2014
    ශ‍්‍රී ලංකාවේ ධීවර කටයුතු ප‍්‍රගතිදායක තත්ත්වයක පසුවෙන බැවින් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO)පූර්ණ සහය ශ‍්‍රී ලංකාවේ ධීවර සංවර්ධනයට ලබාදෙන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් හිරෝයූකි කොනුමා (Mr. Hiroyuki Konuma) මහතා පැවසීය.


    ඔහු මෙසේ පැවසුවේ පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමුවී කළ සාකච්ඡාවක් අතරතුරදීය.

     

    පසුගියදා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  ඉතාලියේ රෝම නගරයේ පැවති ධීවර කමිටු සමුළුවට සහභාගී විය. එහිදී ‘මහින්ද රාජපක්‍ෂ ගෝලීය ජලජීවී වගා අරමුදල‘ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් එහි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 

     

    නිල් සයුරු ආර්ථිකය තුළින් ජනතාවගේ දරිද්‍රතාව දුරු කරමින්, ආහාර සුරක්‍ෂිතතාව ඇති කරමින්, ජලජ සම්පත් මඟින් තිරසාර සංවර්ධනයක් ඇති කළ හැකි බව කොනූමා මහතා මෙහිදී පැවසීය.

     

    මෙහිදී අදහස් දක්වමින් කතාකළ අමාත්‍ය සේනාරත්න මහතා මෙසේ පැවසීය. "අපේ රටේ ජලජීවී වගාව දියුණු කරන්න අප මේ වන විටත් පියවර ගෙන තියෙනවා. එසේම ඊට සමාන්තරව කරදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට අප දැනටමත් පියවර ගෙන තියෙනවා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අපේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනයේ ඉතිහාසයේ වැඩිම අස්වැන්න 2013 වසරේදී අප ලබාගත්තා. එම ප‍්‍රමාණය මෙට්රික් ටොන් 512,840ක් වුණා. අපේ ඉලක්කය වන්නේ 2016දී වාර්ෂික මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 685,000ක් දක්වා වැඩිකර ගැනීම" යැයි පැවසීය. 

     

    ගෙවීගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ලබා තිබෙන ප‍්‍රගතිදායක සංවර්ධනය ගැන තමන් හා ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය සතුටු වන බවත් ඒ සඳහා ඉදිරියටත් පූර්ණ සහයෝගය ලබාදෙන බවත් කොනුමා මහතා පැවසීය. 

     

    මෙම සාකච්ඡාවට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නේවාසික නියෝජිත බෙත්. එස්. ක‍්‍රවුෆෝඩ් (Ms Beth S. Crawford) මහත්මිය හා අමාත්‍යාංශ උපදේශක ආචාර්ය එස්. සුභසිංහ මහතා ද සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya