අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ ටියෑන්ජින් වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    ජූලි 11, 2014

    චීනයේ ටියෑන්ජින් වෛද්‍ය විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය චීනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්විණි.

    විදේශීය සිසු සිසුවියන් 200කට අධික පිරිසක් හා ශ්‍රී ලංකික සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ මෙහිදී ජනාධිපති ආර්යාව අතින් වෛද්‍ය උපාධිය ලබා ගත්හ.

     

    ශ්‍රී ලංකාවේ දරු පරපුර වෙනුවෙන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපති ආර්යාව ඉටුකරන සේවය අගයමින් විශේෂ සමරු තිළිණයක් ද රාජපක්ෂ මැතිණිය වෙත මේ අවස්ථාවේ දී පිරිනැමිණි.

     

    පශ්චාත් උපාධිධාරී වෛද්‍ය ඒ.එම්.එම්. රිෆ්කාන් මහතා (DOctor A.M.M. Rifkhan) විසින් එය ජනාධිපති ආර්යාව වෙත පිළිගන්වන ලදී.

     

    ටියෑන්ජින් වෛද්‍ය විද්‍යාලයේ කුලපති මහාචාර්ය ෂැන්ග් යොන්ග් ෆෙන්ග් මහතා (Prof. Shang Yong Feng)ඇතුළු චීන රජයේ නිලධාරීන් පිරිසක් ද වෛද්‍ය උපාධිය ලබා ගත් දරුවන්ගේ දෙමාපියන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    චීන මහජන කොංග්‍රසයේ ටියෑන්ජින් නගර සභා කමිටුවේ සභාපති හා චීන මහජන කොංග්‍රසයේ නගර සභා ස්ථාවර කමිටුවේ සාමාජික වන යින් ඩේමින්ග් (Mr. Yin Deming) මහතා විසින් ටියෑන්ජින් රජයේ නගර සභා තානායමේ පවත්වන ලද දිවාභෝජන සංග්‍රහය සඳහා ද එදින රාජපක්ෂ මැතිණිය සහභාගි වූවාය.

     

    ඉන් පසු ජනාධිපති ආර්යාව ටියෑන්ජින් නගරයේ පෙරපාසලක ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

     

    ටියෑන්ජින් නගරයේ නගර සභා ළමා සුබසාධන ආයතනය වෙත ගිය රාජපක්ෂ මැතිණිය එහි දරු දැරියන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළාය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී කමලා රණතුංග මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya