අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ් නව මහ කොමසාරිස් තාරික් අහ්සන්

    ජූලි 10, 2014
    ශ්‍රී ලංකාවේ සිටින බංග්ලාදේශ් මහ කොමසාරිස් සුෆිඋර් රහ්මන් මහතාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, දැනට බංග්ලාදේශ්හි විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන තාරික් අහ්සන් මහතා, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ් නව මහ කොමසාරිස් වශයෙන් පත් කිරීමට බංග්ලාදේශ් මහජන රජය විසින් තීරණය කරනු ලැබ ඇත.
     
    වෘත්තීය රාජ්‍යතාන්ත්‍රීය නිලධාරියෙකු වන තාරික් අහ්සන් මහතා බංග්ලාදේශ් සිවිල් (විදේශ කටයුතු) සේවයේ 09 වන කණ්ඩායමට අයත්ය.  එමෙන්ම ඔහු නිව් යෝර්ක්, රියාද්, ජකර්තා සහ බර්ලින්හි බංග්ලාදේශ් විදේශ දූත මණ්ඩලවල විවිධ තරාතිරම් යටතේ සේවය කර ඇත.
      
    තාරික් අහ්සන් මහතා බංග්ලාදේශ් ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමිකරගෙන ඇති අතර හේග්හි ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා හා සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා සිටී. එමෙන්ම නිව් යෝර්ක් හා සිංගප්පූරුවේ පුහුණු පාඨමාලාවලට ද සහභාගිවී ඇත.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya