අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සාමය හා සංහිඳියාව ගොඩනගා ගනිමින් සිටිනවා - ප්‍රංශයේ බොන්ඩි නගර නගරාධිපතිනිය

    ජූලි 10, 2014
    යුද්ධය අවසන් කළ පසු ශ්‍රී ලංකාව ජනවාර්ගික එකමුතුකම හා සාමය සාර්ථකව නැවත ගොඩනගා ගනිමින් සිටින බව තරයේ විශ්වාස කරන බව ප්‍රංශයේ බොන්ඩි (Bondy) නගරයේ නගරාධිපතිනිය පවසයි.
    ප්‍රංශයේ පැරිස් නුවර බොන්ඩි නගරයේ නගරාධිපතිනිය Mrs. Sylvine Thomassin බොන්ඩි නගර ශාලාවේදී පැවැත්වූ දෙමළ සංස්කෘතික සංවිධානය විසින් සය වෙනි වරට සංවිධානය කළ, ත්‍යාග ප්‍රදානෝත්සවයකට 'Liens et cultures', (Links and Cultures) සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියාය.
     
    බොන්ඩි නගරාධිපතිනි Mrs. Sylvine Thomassin උත්සවය අමතා බොන්ඩි වැනි විවිධ ජනවර්ග වෙසෙන නගරයක මෙවැනි සංස්කෘතිකාංග පිරි උත්සවයක් පැවැත්වීමෙන් තම සංස්කෘතික වටිනාකම් එකිනෙකා හා බෙදා ගනිමින් එකට එක්සත් වීමට අවස්ථාවක් ලැබෙන බව පැවසීය. තමන්ද නගරයේ ප්‍රජාව තුළ එකමුතුකම හා සාමය පවත්වාගෙන යන බව පවසන ඇය, යුද්ධය අවසන් කළ (2009) වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව එහි විවිධ ජනවර්ග අතර එකමුතුකම හා සාමය සාර්ථකව නැවත ගොඩනගා ගනිමින් සිටින බව තරයේ විශ්වාස කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය. 
     
    බොන්ඩි නගරාධිපතිනි , බොන්ඩි නගර සභාවේ සාමාජිකයින් සහ බොන්ඩි නගරයේ දෙමළ සංස්කෘතික සංවිධානයේ සභාපති සිවන්තම් රාජේන්ද්‍රම් (Mr.Sivanatham Rajendram) යන මහත්ම මහත්මීහු විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා  පිළිගනු ලැබූහ. 
     
    සිසුන්, ගුරුවරුන්, විශේෂ අමුත්තන්, දෙමළ සංස්කෘතික සංවිධානයේ නිලධාරීන් ඇතුළු සභාව ඇමතූ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය හඟවත්ත මහතා මවු භාෂාව හා සංස්කෘතිය ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව කතා කළ අතර ප්‍රංශයේ බොන්ඩි නගරයේ මෙවැනි උත්සවයකට ආරාධනා ලැබ සිසුන්ගේ සිනාමුසු මුහුණු දැකීමට තමන් පැමිණීම පිළිබඳව තමන් අතිශයින් සතුටු වන බව ප්‍රකාශ කර සිටියේය. එමෙන් ම ප්‍රංශයේම ඉපදී එහිම අධ්‍යාපනය ලබන දෙමළ දරුවන් තම මවු භාෂාව ඉගෙන ගැනීම හා තම සංස්කෘතිය පරිශීලනය තුළින් ශ්‍රී ලංකාව හා මිත්‍ර සබඳකම් පවත්වාගෙන යෑම ලක් රජයේ අපේක්ෂාව බව හඟවත්ත මහතා කීය. 
     
    ශ්‍රී ලංකා රජය මගින්, ශ්‍රී ලංකාවේ පාසල් සඳහා අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනට සමගාමීව ලබන වසර සඳහා අවශ්‍ය දහසකට වැඩි දෙමළ අභ්‍යාස පොත් ප්‍රමාණයක් 'Liens et cultures' හි සිසුන් හට මෙහිදී ප්‍රදානය කරන ලදී. 
    SDF/MAP
    france bond2
    france bond3
    france bond4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya