අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගය නැරඹීමට ජනපති එක්වෙයි - ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක්

    ජූලි 09, 2014

    පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැත්වුණු ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක් දින අන්තර්ජාතික ක්‍රිකට් තරගය ලකුණු 87කින් ජයගත් අතර තරගය නැරඹීමට අද (09) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු ද ජනාධිපතිතුමා සමඟ එක් ව සිටියහ.


    අද පැවැත්වුණු දිවා රාත්‍රී තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්හ. තිලකරත්න දිල්ශාන් ලකුණු 86යි.


    සිය ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිලට පන්දුවාර 38.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. හසීම් අම්ලා ලකුණු 101ක් ලබා ගත්තේය. දිල්ශාන් සිය පන්දු වාර 10දී ලකුණු 40කට කඩුලු 3ක් ද ලසිත් මාලිංග පන්දු වාර 6කදී ලකුණු 24කට කඩුලු 4ක් ද දවා ගත්හ.

     

    HC

    pallekele ground

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya