මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේ ජය ගුවන් හමුදාවට

    ජූලි 09, 2014

    අන්තර් ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේ ශුරතාව 4 වන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනා ගැනීමට සමත් වූහ.


    අන්තර් ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් වු අතර, එම තරගයෙන් වට 3-0 ලෙස  ජය ගැනීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් වූහ.

     
    පිරිමි අවසන් තරගයට ගුවන් හමුදා කණ්ඩායම සමඟ යුධ හමුදා කණ්ඩායම තරග වැදුණු අතර, එම තරගයෙන් 3-1 ලෙස  යුධ හමුදා කණ්ඩායම පරදා ගුවන් හමුදා කණ්ඩායම ශුරතාවය දිනා ගන්නා ලදී.
     

    මෙම තරග ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු ගෘහස්ත කි‍්‍රඩාංගණයේ පැවැත්විණි. මෙම තරගාවලියේ ශුරතාව දිනාගත් ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස නායක ගුවන් කාන්තා දිනේෂා හා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස  නායක ගුවන් භට ජයවර්ධන, ශූරතා කුසලානය ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා අතින් ලබාගන්නා ලදී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya