ස්වේච්ඡා බල සේනාවේ සිටින රණ විරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම හා දිවයින පුරා විසිර සිටින එකී රණ විරුවන්ගේ අනෝන්‍ය සම්බන්ධතාව හා සහෝදරත්වය තවදුරටත් වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ක්‍රීඩා උත්සවය සඳහා දිවයින පුරා විසිර සිටින ස්වේච්ඡා බල සේනාවේ ඒකක 103ක රණ විරුවන් 3000ක් පමණ සහභාගිවීමට නියමිතය.
ක්‍රීඩා උත්සවයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාධිපති මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය හා ජයග්‍රාහකයිනට ත්‍යාග බෙදාදීම ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
DB/ mod