ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය, ක්‍රිඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම තරගාවලියේ ජය සංකේත ප්රදානෝත්සවය ඊයේ පස්වරුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වසර දෙකකට පසුව දැල්පන්දු සංගමය තරගාවලිය සංවිධානය කිරීමට සමත් වුවත් ඊට කණ්ඩායම් සහභාගිත්වය අවම මට්ටමක පැවැතිණි.ශ්‍රි ලංකා දැල්පන්දු සංගමයේ දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් ගණන 32ක් වුවත් කුලියාපිටිය තරගාවලියේ සහභාගිත්වය කණ්ඩායම් 12කට සීමා වී තිබුණි.
මෙම අවස්ථාවට දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර, නියෝජ්‍ය සභාපතිනි යස්මින් ධර්මරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු එහි ප්‍රධානීහූ රැසක්ද සහභාගී වූහ.
SDF