ප්‍රතිජීවක එසේත් නැත්නම් ප්‍රතිබැක්ටීරියක් යනු, බැක්ටීරියා වැඩීම ප්‍රතිෂේධ කරන හෝ බැක්ටීරියා මරා දමන හෝ කාරකයකි.
ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ සාමාන්‍ය ජනතාවට, සෞඛ්‍ය සේවකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා කෘෂි කාර්මික අංශය දැනුවත් කිරීමට සහ ඒ ඒ අංශවල ප්‍රතිජීවක ඖෂධ උපරිම ප්‍රයෝජනවත් ලෙස නිවැරදිව භාවිතයටත් දැනුවත් කිරීමටත් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මීට අදාළව ‘සැලකිලිමත්ව ප්‍රතිජීවක හැසිරවීම‘ යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය, බහු-වසරවැඩසටහනක් ද අරඹා ඇත. මෙම වැඩසටහන පළමු ලෝක වාර්ෂික ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතියේ තුළ ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රතිජීවක අනිසි ලෙස හෝ පමණට වඩා භාවිත කිරීමෙන් බැක්ටීරියාවලට එරෙහි ප්‍රතිරෝධක ශක්තිය හීන වී සමහර බෝවන රෝග ප්‍රතිකාර කිරීමට අසීරු හෝ නොහැකි තත්වයට පත්වන බැවින් ප්‍රතිජීවක භාවිතයේ දී ඉතා සැලකිලිමත්ව වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගැනීමට ජනතාව වගබලා ගත යුතුයි.
SDF