මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රජය සහ ඔපෙක් අරමුදල (OFID) ගිවිසුම් දෙකකට අත්සන් තබයි

    ජූනි 26, 2015
    A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි  දක්වා කොටස  සංවර්ධන කිරීමට  අදාළ  ප්‍රතිපාදන ලබා ගැනීම සඳහ සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අද (26) ඔස්ට්‍රියාවේ වියානා නුවරදී අත්සන් තැබීය.
     
    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්සන් තැබූ අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ අධ්‍යක්ෂ ජනරාල් සුලෙයිමාන් ජසීර් අල්-හර්බිෂ් මහතාය.
     
    මාර්ගය සංවර්ධන කිරීම සඳහා අමෙරිකා ඩොලර් මිලියන 140ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 60ක් අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල ලබා දෙනු ඇත. 
     
    ඉතුරු මුදල් ශ්‍රී ලංකා රජය සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ඒකාබද්ධව වැය කිරීමට අපේක්ෂිතයි. 2.5%ක පොලී අනුපාතයක් මත ලබා දෙන මෙම ණය මුදල ගෙවා දැමීම සඳහා වසර 5ක සහන කාලයක් සහිතව වසර 20ක කාලයක් හිමි වෙයි. 
     
    A5 මාර්ගයේ පේරාදෙණිය සිට බදුල්ල දක්වා කොටස මේ වන විටත් සංවර්ධනය කර අවසන් ය. බදුල්ල සිට චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරීමත් සමග මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත යා කෙරෙන ප්‍රධාන මාර්ගය බවට මෙම මාර්ගය පත් වනු ඇත. 
     
    මීට අමතරව බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඇස්තමේන්තු කර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 22.7ක මුදලෙන් ඩොලර් මිලියන 17ක මුදලක් ද ඔපෙක් අරමුදල ලබා දෙනු ඇත. එහි පොලී අනුපාතය වන්නේ 2.6 %කි.  

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya