මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞරුෂත්ව හා නායකත්ව සංවර්ධන වැඩසටහනක්

    ජූනි 16, 2015
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞරුෂය හා නායකත්වය සංවර්ධනය සඳහා තෙදින විශේෂ නායකත්ව වැඩමුළුවක් පැවැත්වීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය සැලසුම් කොට ඇත.
     
    ඒ අනුව මෙම වැඩමුළුව සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ආරාධනයෙන් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 26,27 සහ 28 තෙදින නුවරඑළිය සිනිසිටා (නගරසභා) ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. 
     
    මේ සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් 300කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනයාමේ මූලික පියවරක් ලෙස මෙම 
    වැඩසටහන පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya