අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීගිරිය රැළි ක්‍රොස් තරගාවලිය සීගිරියේ දී

    මාර්තු 24, 2014

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා හා ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව පස්වන වරටත් සංවිධානය කරනු ලැබු සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය, ඊයේ (23) සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි.

    මෙවර සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයන් විශාල ප‍්‍රමාණයක් තරග කළ අතර ඉතාමත් ප‍්‍රවේගකාරී තරග රැසක් දැක බලා ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්‍ෂකයන් හට උදාවිය. එසේම මෙම ධාවන පථය තුළදී වේගය මත පදනම් වූ ධාවන රටාවකින් පමණක් නොව තම හැකියාවන්, අත්දැකීම් හා මුසු වූ ශිල්පීය උපක‍්‍රම මගින්ද තරගයේ යෙදීමට ධාවකයින්ට සිදුවිය. මන්ද මෙම ධාවන පථයේ කොටසක් තාර යොදා සකස් කර තිබු අතර එම ධාවන පථයේදී තරගකරුවන් වේගවත් ධාවනයකින්ද, බොරළු යොදා සකස් කර ඇති ඉතිරි දුෂ්කර බාධක සහිත ධාවන පථයේ තම ශිල්පීය උපක‍්‍රමයන්, උපයෝගී කරගනිමින් තරඟයේ ඉදිරියට ඇදෙන්නට අවස්ථාවක් උදා කර දී තිබිණ.

    මෙම තරගාවලිය නැරඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක සහ එම මහත්මිය හා ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය සභාපති එයාර්කොමොඩර් ජේ. එස්. අයි. විජේමාන්න, ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය අණදෙන නිලධාරි එයාර් කොමදෝරු එච්.එම්.එස්.කේ.බී. කොටකදෙනිය හා ගුවන් හමුදා සීගිරි කඳවුරේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් සී.පී. ගුණතිලක ඇතුළු ගුවන් හමුදා නිලධාරින් මෙන්ම සෙසු නිලයන් විශාල ප‍්‍රමාණයක් හා පේ‍්‍රක්‍ෂකයන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ. ඉතාමත් දැඩි තරගකාරිත්වයක් පැවති මෙම තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානය කේ.පී. අරවින්ද විසින් ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය අශාන් සිල්වා විසින් ද දිනාගන්නා ලද අතර ඔවුන්ට හිමි කුසලානයන් ගුවන් හමුදාපතිවරයා අතින් ප‍්‍රදානය කරන ලදී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya