මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් වූවන්ට ස්ථිර නිවාස

    මාර්තු 09, 2015

    mini-thigambaramමීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් වූවන් සඳහා ස්ථීර නිවාස ඉදිකිරීම ආරම්භ කරමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතාගේ සුරතින් මුල්ගල් තැබීම පසුගිය දා සිදු කෙරිණි.

    බණ්ඩාරවෙලපූනාගල කොස්ලන්ද මාර්ගයේ මකල්දෙනිය මංසන්ධිය අසළ භූමියක මෙම නිවාස  ඉදිකිරීමට නියමිතය.

     

    ස්ථීර නිවාස 75ක් ඉදිකිරීමට නියමිත අතර  නිවසක වටිනාකම ලක්‍ෂ12කි. වතු යටිතල පහසුකම් අමාත්‍යංශය මඟින් නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන120ක ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

     

    මස්කෙළිය වැවිලි සමාගම මගින් නිවාස ඉදිරිකිරීමට ඉඩම ලබා දී තිබේ. නිවාස ඉදිකෙරෙන භූමිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය මත තෝරාගෙන  ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවාස සැලසුම් සකස් කර ඇති අතරයුධ හමුදාවවිසින් නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරයි.

     

    රජයේ දින100වැඩ පිළිවෙල යටතේ වතු ජනතාවට නිවාස ඉදිකර දීමට තමන් කැපවී සිටින බව අමාත්‍ය පී.තිගාම්බරම් මහතා පවසයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මෙන් ම  සියලූම වතු ජනතාවට තම අමාත්‍යංශය විසින් ඉදිරි වසර කිහිපය ඇතුළත පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියි.

     

    මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වූ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ,තම පළාතේ ජනතාවට තිගාම්බරම් අමාත්‍යවරයා මැදිහත්ව නිවාස ඉදිකරදීමට කටයුතු කිරීම  සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවය.  

     

    වැවිලි රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන්,අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන්,ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රි මනෝ ගනේෂන්,වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්වරු ඇතුළු  නිලධාරීහු රැසක්මේ අවස්ථාවට එක්ව සිටියහ.

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya