නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100 වැඩසටහන ගැන විශේෂ සාකච්ඡාවක් නුවරඑළියේ දී

    පෙබරවාරි 28, 2015
    නව රජයේ දින 100  වැඩසටහන සාක්ෂාත් ගැනීම සඳහා සංවිධානය කෙරුණු විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවති අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ ප්‍රධානීහු සියලු දෙනා මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. 
     
    දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලබන සමාජසේවා ව්‍යාපෘති සහ සංවර්ධන වැඩසටහන් මෙම දින 100 තුළ විශේෂ අවධානයකින් සිදුකළ යුතු බවටත් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් නොපිරි ඉටු කළ යුතු බවටත් මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා වෙතින් උපදෙස් ලැබිණි. නුවරඑළිය දිස්ත්‍රික්කයට ආවේණික වූ අර්තාපල් මිලදී ගැනීම වැනි විශේෂ වැඩසටහන් මෙම දින 100 තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කරන ලෙස ද මෙහිදී උපදෙස් හිමි විය. 
     
    මේ වන විට දෙපාර්තමේන්තු , සංස්ථා සහ මණ්ඩල මට්ටමින් දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන ක්ෂේත්‍ර නිලධාරීන් සිය ප්‍රධාන ආයතන තුළින් පවරා ඇති දින 100 සමගාමී වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු අතර ඉදිරි දින කිහිපය තුළ එම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳ ව සැලසුමක් ද ලබා දෙන ලෙස ද මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා වෙතින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya