මේ සඳහා වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
2014 වර්ෂය අගභාගයේ දී ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර නිසා සුළු හා මහා වාරි පද්ධතිවලට සිදු වූ හානි මේ වන විට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව මහා වාරි ව්‍යාපාරවලට අදාළ ව හානි සිදු වූ ස්ථාන 1,348ක් දිස්ත්‍රික්ක 13කින් ද හානියට පත් සුළු වාරිමාර්ග 2,132ක් දිස්ත්‍රික්ක 15කින් ද හඳුනාගෙන ඇත.
2015 යල කන්නය ආරම්භ කිරීමට ප්‍රථම හානි වූ වාරි පද්ධති පිළිසකර කර අවසන් කිරීමට මෙම වැඩසටහන සැලසුම් කර ඇත.
SDF