ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගන්නා ලද කර්මාන්ත 20ක් සඳහා මෙම සහතික ලබා ගැනීමට අවශ්‍ය මූලික සහතිකකරණ ගාස්තු තම ව්‍යාපාරය විසින් දරනු ලැබීමෙන් අනතුරුව එම සහතිකකරණ ගාස්තුව වන රුපියල් 200,000.00 ක උපරිමයක් දක්වා වූ මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතිපූර්ණය කරනු ඇත.
මෙම වැඩසටහන සඳහා අවම වශයෙන් වසර 03 ක කාලයක් ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියැලී පවතින රසකැවිලි හා ආහාරපාන වර්ග, කිරි ආශ්‍රිත, පොල් හා පොල් ආශ්‍රිත, එළවළු හෝ පලතුරු ආශ්‍රිත, මාංශ, මත්ස්‍ය හෝ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයක් විය යුතු අතර අයදුම්පත් යොමු කරනු ලබන අවස්ථාව වන විට එකී කර්මාන්තය සහතික ලබාගැනීම සඳහා සහතික කරන ආයතනයක් වෙත අයදුම් නොකළ කර්මාන්තයක් විය යුතුය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0112 422 319 හෝ 0112 432 750 ඇමතීමෙන් ලබාගත හැකිය.
කර්මාන්හ හා වාණිජ කටයුතු අමාත්‍යංශය මගින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ සැකසූ ආහාර කර්මාන්තය සඳහා දේශීය සහ විදේශීය වෙළෙඳපොළ නිර්මාණය කිරීමත් සුරක්ෂිත කිරීමත් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.
DB