නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතරට ඉඩම් ඔප්පු 350ක් ප‍්‍රදානය කෙරේ

    පෙබරවාරි 24, 2015

    රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ති‍්‍රක්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි ඉඩම් නොමැති ජනතාව සඳහා ඉඩම් ඔප්පු 350ක් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ඉඩම් අමාත්‍යංශය මඟින් දිවයින පුරා ඉඩම් ඔප්පු 25,000 ක් බෙදාදීම වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙන අතර එහි හය වන වැඩසටහන මාතර දිස්ත‍්‍රික්කයේ දී අද පැවැත්විණි.

     

    මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම දීර්ඝ කාලීන කි‍්‍රයාවලියක අවසන් ප‍්‍රතිඵලය වුවත් එය තවත් පරිච්ජේදයක ඇරඹුමක් බවත් එය මාතෘභූමියේ ප‍්‍රයෝජනය වෙනුවෙන් වගාවක් හෝ නිවසක් තනා ගෙන විශාල සේවයක් කිරීමේ වගකීම ඉඩම් හිමි ජනතාවට පැවරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පෙන්වා දුන්නේය.

     

    රාජ්‍යත්වය සතුව පැවති ඉඩම් හිමිකාරත්වය ජනතාව වෙත පැවරීම පිළිබඳව ද අදහස් පල කළ මන්ත‍්‍රීවරයා 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් ජනසතු කිරීම මගින් කළ සේවය අගය කළේ ය.

     

    ඉඩම් අමාත්‍යංශයේ ලේකම් අයි. එච්. කේ. මහානාම මහතා, දකුණු පළාත් ප‍්‍රධාන ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය සහ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් දකුණු පළාත් සභා මන්තී‍්‍ර උපුල් නිශාන්ත මහතා මෙහිදී අදහස් දැක්වූහ.

     

    මේ අවස්ථාවට දකුණු පළාත් සභා මන්තී‍්‍රවරු, මාතර නාගරික මන්ත‍්‍රීවරු, මාතර දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරු, ඉඩම් ප‍්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    kpm_dmu_TI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya