පසු ගිය වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ළමා හා කාන්තා කටයුතු වෙනුවෙන් විවිධ වූ වැඩ සටහන් දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමියගේ මෙහෙය වීම යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලයක් ලෙස නුවරඑළිය නගරාසන්නයේ ඉදිවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය හා කොත්මලේ පොලිස් ස්ථානයට අනුබද්ධිතව ඉදිවන ළමා හා කාන්තා කටයුතු කාර්යංශයද සුවිශේෂි ව්‍යාපෘතියන්ය. මෙම ව්‍යාපෘති මෙම වර්ෂයේ මැද භාගය වන විට කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.
මෙවර පැවැත්වෙන දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව සඳහා අධ්‍යාපන ක්ෂේත්රය නියෝජනය කරනු ලබන නියෝජිතයින්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහ පොලිස් හා කාන්තා කටයුතු කාර්යංශය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද සහභාගී වීමට නියමිත ය.
MAP/SH_dmu_n'eliya