නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරයාට දිවයිනේ සියලු ම දන්ත වෛද්‍ය සංගම්වලින් උපහාර

    පෙබරවාරි 23, 2015
    ලෝකයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ප‍්‍රථම දන්ත වෛද්‍යවරයා වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර දැක්වීමේ වැඩසටහනක් රජයේ දන්ත වෛද්‍ය සංගමය හා ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ඇතුළු දිවයිනේ සියලු ම දන්ත වෛද්‍ය සංගම් එක්ව පසුගියදා ගල්කිස්ස මහ හෝටයේ දී සිදු කෙරිණි.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයා වසර 15ක් පුරා රජයේ දන්ත වෛද්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් ධූරය දැරීමත් එතුමා දන්ත වෛද්‍ය වෘත්තියට ගෙන එන ලද අභිමානයත් අගයමින් මේ උපහාර උ‍ළෙල පැවැත්විණි. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මේ අවස්ථාවේදී අභිනන්දන ඵලකයක් පිරිමන ලදී.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, රජයේ දන්ත වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී නවරත්න, උප සභාපති දන්ත විශේෂඥ වෛද්‍ය සරත් සේනාරත්න, දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දිලීප් ද සිල්වා, දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya