අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නැගෙනහිර පළාතේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා නැගෙනහිර පළාතේ ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සඳහා බස්රථ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී නැගෙනහිර පළාත් ඩිපෝ 10ක් සඳහා බස්රථ 28ක් බෙදාදෙන ලදී.
ජනතාවගේ ගැටලු විසඳීම සඳහා මෙම දින 100 ඇතුළත මේ රටේ ඇති කිරීමට යෝජනා කළ වෙනස යහ පාලනය තුළින් ගොඩනගා නැවතත් ජනතාවගේ තීරණ ලබා ගන්නට බලාපොරොත්තු වෙන බවත් පැවසීය.
මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය එච්. නසීර් අහමඩ් මහත්වරු ඇතුළු පළාතේ සභාවේ සෙසු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
DB