නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩසටහන සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානයක මහතා සහ රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ සහභාගිත්වයෙන් අද (23) නුවරඑළිය නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැත් විණි.
මෙම දිස්ත්‍රික්කයේ 3500කට ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන් සංඛ්‍යාවක් මෙම යතුරු පැදි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටියහ.
පසු ගිය රජයේ 2014 අය වැය යෝජනාවක් ලෙස ක්ෂේත්‍ර නිලධාරීන් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහන ආරම්භ වූ අතර, වත්මන් රජය විසින් ද එම සහනය
එලෙසම ලබාදෙමින් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මේ අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මිය ද සහභාගී වී සිටිය හ.
kpm_dmu_SH