ඡන්ද හිමියන්, ඡන්ද පොළ කාර්ය මණ්ඩල, තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්, අපේක්ෂකයින්, ඡන්ද පොළ නියෝජිතයින් සහ නිරීක්ෂකයින්, ඡන්ද පොළ රාජකාරියෙහි නියුක්ත පොලිස් නිලධාරීන්, තේරීම්භාර නිලධාරීන්ගේ අවසරය ඇති වෙනත් පුද්ගලයින්ට පමණක් ඡන්ද පොළට ඇතුළුවීමට අවසර ඇත.
මීට අමතරව ජංගම දූරකතන භාවිතා කිරීම, ඡයා රූප ගැනීම, විඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම්පානය, මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය, අපේක්ෂකයන්ගේ ආරක්ෂකයන් අවි සහිතව හෝ රහිතව ඡන්ද පොළ තුළට පැමිණීම ඡන්ද පොළ පරිශ්‍රය තුළ සම්පූර්ණයෙන් ම තහනම් ක්‍රියා වේ.
ඡන්ද පොළ මධ්‍යස්ථානය පිහිටි සම්පූර්ණ පරිශ්‍රයම ඡන්ද පොළ ලෙස සලකනු ලබන බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
kpm