මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසීය. " විදේශීය නැව් ලංකාවේ කොඩිය ගහගෙන මසුන් ඇල්ලීම තහනම් කරන්න. ඒක තමයි මගේ ප්‍රධාන ඉල්ලීම. නායකතුමාලා අපි කතා කරලා එක තහනම් කරන්න තීරණය කළා. හෙට අනිද්දට නායකතුමා විසින් නාවික හමුදාවටත්, අදාළ ආයතනවලටත් දැනුවත් කිරීම් කරනවා. ඒ විතරක් නෙවෙයි බෝට්ටුවලට VMS සවිකරන්න ධීවර අමාත්‍යංශයෙන් නොමිලේ දෙන්න තීරණය කළා. වී.එම්.එස්. යනු යාත‍්‍රා නියාමන පද්ධතියක්. එමඟින් මුහුදේ තිබෙන යාත‍්‍රා පිළිබඳ දත්ත ගොඩබිමට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වී.එම්.එස්. තාක්ෂණය ධීවරයන්ට සිය කටයුතු කරගෙන යාමේදී අත්‍යවශ්‍ය වෙනවා. " යැයි ද පැවසීය.
NDH