අම්පාර කලාපය තුළ ආයතනික වශයෙන් වී මෙට්රික් ටොන් 40,000ක් ගබඩා කළ හැකි ගබඩා 41ක් ස්ථාපිත කර ඇත. වී මිලදී ගැනීමේ නව සහතික මිල යටතේ සම්බා වී කිලෝ 01ක් රුපියල් 50ටත් නාඩු වී කිලෝ 01ක් රුපියල් 40කටත් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ නවීකරණය කරන ලද අම්පාර, උවන, වැරැන්කැටගොඩ සහ අක්කරපත්තුව, අඩ්ඩාලවේන ගබඩා සඳහා වී මිලදී ගැනීම වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අනෝමා ගමගේ අමාත්‍යවරිය සඳහන් කළේ, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබීම පිළිබඳ ව තමන් සතුටට පත්වන අතර එමඟින් ගොවීන්ගේ ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ඍජු දායකත්වයක් ලබා දීමට හැකිවීම තමත් ලද භාග්‍යයක් බවයි.
විශේෂයෙන් වී අලෙවි කිරීමේ දී ගොවීන් මුහුණපාන ප්‍රශ්නවලට පිළියමක් ලෙස නව සහතික මිලට වී මිලදී ගැනීමේ කාර්යය ආරම්භ කිරීමට හැකිවීම වත්මන් රජය ලද විශාල ජයග්‍රණයකි. ඉදිරියේදී ගොවි සංවිධානවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබා දීමට කටයුතු කරන බව එතුමිය මෙහිදී සඳහන් කළාය.
පැරණි දේ සිහිපත් කරමින් කාලය නාස්ති කිරීම වෙනුවට, ඉදිරිය ගැන සිතා රටේ ආර්ථිකය සවිබල ගැන්වීම වඩා වැදගත් බව එතුමිය මෙහිදී අවධාරණය කළාය. අපගේ රාජකාරිය නිසි ආකාරයෙන් ඉටුකිරීම තුළ රට සංවර්ධනය කිරීමේ කාර්යභාරය දුෂ්කර නොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ රටේ සමස්ත ජනතාවගේ දායකත්වය බවත් ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
NDH