සරල ක්‍රියාදාමයක් තුළින් මහජනතාවගේ සහභාගීත්වය හා පුද්ගලික අංශයේ දායකත්වයත් සමඟ මෙම ජල පිරිපහදු ක්‍රියාන්විතය ඉතාම වටිනා වැඩසටහනක් බව අමාත්‍යවරයා පැවසීය.
මෙය ඉතා හොඳ ප්‍රවේශයක් බවත් මේ සඳහා ලැබී ඇති අඩු ප්‍රචාරණ යාන්ත්‍රණයක් තුළින් ජනතාව දැනුවත් කර ඉදිරියට ගෙන යන ලෙස අමාත්‍යවරයා මෙහිදී උතුරු මැද පළාතේ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ටී. භාරතී දාසන් මහතා වෙත උපදෙස් ලබාදෙන ලදී.
මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සංවිධානය කරනු ලැබුවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් සිල්වා මහතා විසිනි.
මෙහිදී අමාත්‍යවරයා විසින් එහි ක්‍රියාකාරීත්වය සහ පරිපාලනය පිළිබඳ ව සොයා බලන ලදී. එවැනි ව්‍යාපෘති තවතවත් වැඩිදුයුණු කරමින් පානීය ජල ගැටලු පවතින ප්‍රදේශයන් හි වැඩි වශයෙන් ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හට උපදෙස් දෙන ලදී.
හකීම් මහතා පැරකුම්පුර ප්‍රජා මූල සංවිධානයේ ස්ථානීය භාර නිලධාරිනිය සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර පවතින අඩුපාඩු පිළිබඳ ව තමන් වෙත කඩිනමින් දන්වා සිටින්න යැයි ද පැවසීය.
DB